ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට , අවධානයෙන් සිටින්නැයි පහත්බිම් වල වෙසෙන ජනතාවට උපදෙස්.

by Staff writer 15-09-2026 | 11:13 AM

COLOMBO(News1st) - පවතින වර්ෂාපතනයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කළේ, ඒ හේතුවෙන් පහත් බිමවල වෙසෙන ජනතාව මේ පිළිබඳ අවදානයෙන් කටයුතු කළ යුතු බවයි.