අස්වැසුම දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට

අස්වැසුම දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට

by Staff writer 15-09-2026 | 11:09 AM

COLOMBO(News1st) - සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට(15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරකරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් නව ලක්ෂ 99,053කට හා දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් දෙලක්ෂ 13,335කට අදාල මුදල් එලෙස බැංකු ගිණුම්වලට බැරකරන බවයි.

අදාළ ප්‍රතිලාභීන්ට තම මුදල් අනිද්දා සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකිවනු ඇති.