සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුරෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිස්දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ගුවන් යානය උඩුගුවනේ වායු රික්තක කලාපයක, එසේත් නැත්නම් එයා පොකට් එකකට මැදිව මිනිත්තුවක් වැනි කාලයකදී අඩි 6000ක් පහතට පැමිණ ඇති බව වාර්තා වේ.
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණෙමින් තිබූ මෙම ගුවන් යානය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, බෙංගාලබොක්කට ඉහළින් පියාසර කරමින් සිටින අතරතුරයි.
ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවරට හදිසියේ ගොඩබස්වා ඇති අතර තුවාල කරුවන්ට ප්රතිකාර ලබා දීම අරඹා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ගුවන් යානයේ මගීන් 211 ක් හා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු ගමන් කර තිබේ.