M Entertainments නව පෙරළියකට සැරසෙයි..

ශ්‍රී ලාංකීය හඩ ජාත්‍යන්තරයට ගෙනයාමට M Entertainments Virgin Music Group සමග එක්වෙයි..

by Staff writer 30-05-2024 | 6:15 PM

COLOMBO (News 1st) - මෙරට සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට ගෙන යමින් විප්ලවීය වෙනසක් සිදු කළ M Entertainments අද(30) තවත් අද්විතීය ජාත්‍යන්තර සංගීත නිෂ්පාදන සමාගමක් සමග පෙරළිකාර හවුල්කාරිත්වයකට එළැඹිණ. 

ඒ, ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන VMG හෙවත් Virgin Music Group සහ Universal Music සමග ගිවිසුම්ගත වෙමින් ය.

සිරස මාධ්‍ය ජාලය අයත් සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයේ M Entertainments මෙරට සංගීත ක්ෂේත්‍රයටත් එය ජාත්‍යන්තර වේදිකාවට රැගෙනයාම සඳහාත් අද්විතීය මෙහෙවරක් සිදු කළ නාමයකි.

ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන්ට ජාත්‍යන්තර වේදිකාව තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තරයේ දැවැන්තයින් වන Virgin Music Group සහ Universal Music සමග නව හවුල්කාරිත්වයට අද ඉන්දියාවේ මුම්බායි නුවරදී අත්සන් තැබුණි. 

Virgin Music Group වෙනුවෙන් ඉන්දියාවේ නේවාසික කළමනාකරු අමිත් ෂර්මා මහතාත් M Entertainments ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ෆෙඩ්‍රික් දිසානායක මහතාත් ගිවිසුමට අත්සන් කළේ ය.

සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් සහ Virgin Music Group හි ලාවන්‍යා දාස් යන මහත්ම මහත්මීන් ද ගිවිසුම් අත්සන් තැබූ අවස්ථාවට එක්විය.  

මෙම ගිවිසුමට අත්සන් තැබීමත් සමග M Entertainments ලේබලය යටතේ ජාත්‍යන්තර සංගීත ශිල්පීන් හා කණ්ඩායම් සමග එක්ව ජාත්‍යන්තරය ජය ගැනීමට මෙරට ගායක ගායිකාවන්ට නව අවස්ථාවක් හිමි වෙයි.  

 

 for more : 

https://me.lk/

https://www.facebook.com/mentertainments

https://www.youtube.com/@MEntertainmentsPL