තීරණාත්මක දෙවන T20 තරගය අද..

ශ්‍රී ලංකාව හා කොදෙව් තීරණාත්මක දෙවැනි T20 තරගය අද..

by Hashini De Mel 15-10-2024 | 7:59 AM

COLOMBO ( News 1st ) - සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (15) පැවැත්වේ.

දෙරට අතර මෙම තරග සංචාරයට පන්දුවාර විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

එම තරග තුනම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 5කින්.

අද (15) තරගය රාත්‍රී 7:30ට ආරම්භ වේ.