පාකිස්ථාන හමුදා ප්‍රධානී ඉරානයට

පාකිස්ථාන හමුදා ප්‍රධානී ඉරානයට

by Staff writer 23-05-2026 | 8:54 PM

COLOMBO(News1st) - පාකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ජ් මාෂල් අසීම් මුනීර් ඉරානයට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී පාකිස්ථාන හමුදා ප්‍රධානියා ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක ගලීබාෆ් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.

මේ අතර හොර්මූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 25ක් ආරක්ෂිතව යාත්‍රා කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.

ඒ ගතවූ පැය 24ක කාලය තුලයි.

යාත්‍රා කළ නෞකා අතරට තෙල් නැව්, බහාලුම් නෞකා සහ අනෙකුත් වාණිජ යාත්‍රා ද ඇතුළත්.

ඉරාන නාවික හමුදාවේ සම්බන්ධීකරණය සහ ආරක්ෂාව සමග අවසරය ලබා ගැනීමෙන් පසු එම නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.