රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

''රට දිනවන වසර පහක්'' රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..

by Staff writer 29-08-2024 | 4:28 PM

COLOMBO ( News 1st ) - ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "රනිල් සමග රට දිනවන වසර පහක්" ප්‍රතිපත්ති ප්‍රකාශය  අද (29) කොළඹදී එළි දැක්විය.

" පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.පක්ෂ සහ සංවිධාන රැසක ප්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් " පුළුවන් ශ්‍රී ලංකා " වෙබ් අඩවිය ද අද ජනගත කෙරුණි.

ජනපති රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න පිවිසෙන්න..

https://issuu.com/ranil2024/docs/web_rw_mf_2024_s_final_aug_28_?fr=sYmQxNTc3MTIwNDk