ඡන්ද පත්‍රිකාවක Photo ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

සලකුණු කළ ඡන්ද පත්‍රිකාවක Photo ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට...

by Staff writer 21-09-2024 | 6:16 PM

COLOMBO ( News 1st ) - මිටියාගොඩ, තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සිය ඡන්දය සලකුණු කර, එය ඡායාරූප ගතකරන අවස්ථාවේ පොලිසීය අත්අඩංගුවට ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා සඳහන් කළේ ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හික්කඩුව තෙල්වත්තේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු එලෙස ඡායාරූප ගතකර ඇත්තේ, මෙවර ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ ස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන ඒම සහ භාවිතය තහනම් බව නිවේදනය කර ඇති පසුබිමකදී ය.