ආගමන විගමන පාලකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

E-Visa ගනුදෙනුව ගැන අදම පෙනී සිට කරුණු දක්වන්නැයි ආගමන විගමන පාලකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග..

by Hashini De Mel 13-09-2024 | 2:34 PM

COLOMBO (News1st)-ඉකුත් අගෝස්තු දෙවැනිදා එතෙක් පැවති නව වීසා ක්‍රමවේදය වාරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙර පැවැති ක්‍රමවේදය යටතේ වීසා නිකුත් කිරීමේ කටයුතු සිදු කරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

නමුත් උද්ගතව ඇති ප්‍රායෝගික ගැටළු හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට අපහසු බව ආගමන විගමන පාලකවරයා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දුන්නේය.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී  ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණයක් උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දුන් අතර අද(13) දිනය ඇතුළත ආගමන විගමන පාලකවරයාට පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

පෙත්සම්කාර එම්.ඒ.සුමන්තිරම් මහතා එහි දී  සඳහන් කළේ, අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට ආගමන විගමන පාලකවරයාගේ දැනුම් දීම අධිකරණට සිදුකළ අපහාසයක් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්දිරන් මහතා ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් අද(13) නැවත සලකා බැලූ අවස්ථාවෙදි විනිසුරු මඬුල්ල මෙම නියෝගය සිදු කළේය.