මන්නාපිටිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු මරුට

කිතුල්ගල, මන්නාපිටිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු මරුට

by Staff writer 23-09-2026 | 10:35 PM

COLOMBO(News1st) - කිතුල්ගල, මන්නාපිටිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා අද(23) පස්වරුවේ ඇල්ලේ දියනෑමට ගිය අවස්ථාවේදි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි.

දිය පහරට හසුව ගසාගෙන ගිය එක් තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

අනෙක් තරුණයාගේ සිරුර මේ වනතෙක් සොයා ගැනිමට හැකිව නැහැ.

මියගොස් ඇත්තේ 20 සහ 21 වයස්වල පසුවන තරුණයින් දෙදනෙක්.

ඔවුන් දෙදෙනා කිතුල්ගල  ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවද පොලිසිය සඳහන් කළේය.