.webp)
-624378.jpg)
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපජෝර්ජු පෙන්වා දුන්නේ ලෝක තෙල් මිල ඉහළ යාම මත අගොස්තු මාසයේ උද්ධමනය ඉහළ ගියත් උද්ධමන අපේක්ෂා තවමත් හොඳින් පාලනය වී ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපජෝර්ජුගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා කාලය තුළ මෙරට සංචාරයක නිරත වුණි.
ඒ මෙරටට ලබා දී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන් සහ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමිනි.
