කමිඳු ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කරයි..

කමිඳු මෙන්ඩිස් සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කරයි..

by Staff writer 28-09-2024 | 8:09 AM

COLOMBO (News 1st) -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28)තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඊයේ දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන  නවසීලන්තය කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 22කි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 116කි.

කමිඳු මෙන්ඩිස් 5 වැනි ටෙස්ට් ශතකය ද සමගින් නොදැවී ලකුණු 182ක් රැස් කරගෙන සිටියේ ය.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් ඉනිම් 13කදී ලකුණු දහස සීමාව පසු කරමින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කිරීමට සමත් වීම විශේෂත්වයකි.

මීට පෙර ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ද 1930 වසරේදී ඉනිම 13කදී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කළේ ය.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් ද ඉනිම 13කදී ලකුණු දහස සීමාව පසු කරමින් ලොව බිහි වූ විශිෂ්ඨතම පිතිකරු ලෙස සැලකෙන ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කිරීමට ඊයේ සමත් විය.

මේ අතර කුසල් මෙන්ඩිස් සිය 10 වැනි ටෙස්ට් ශතකය ද සමගින් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තේය.