ප්‍රදේශ රැසකට අදත් තද වැසි..

ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100කට වැඩි තද වැසි..

by Staff writer 28-09-2024 | 8:01 AM

COLOMBO (News 1st) -

මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම කුරුණෑගල , ගාල්ල , මාතර, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද(28) මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තවත් ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.