මැතිවරණ කොමිසම අද රැස්වෙයි..

පාර්ලිමේන්තු මැතිවරණයේ පිරිවැය ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම අද රැස්වෙයි..

by Staff writer 28-09-2024 | 7:48 AM

COLOMBO (News 1st) -

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද(28) රැස්වෙයි.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන පිරිවැය පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹිමට නියමිතයි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය හරහා එම මුදල් ලබා ගැනීිම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති.

මේ වනවිට පාර්ලිමේන්තු මැතිවරණයට වැය වෙතැයි ගණන් බලා ඇති මුදල රුපියල් බිලියන 11 කි.