ශ්‍රී ලංකාව අද ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට

ශ්‍රී ලංකා කාන්තා පිල අද ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන තරග බිමට

by Staff writer 05-10-2024 | 8:17 AM

COLOMBO ( News1st) - පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද පැවැත්වේ.

ඒ ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමගයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3. 30ට සාජාහිදී ආරම්භ වීමට නියමිතයි.

අද දෙවැනි තරගයට එක්වන්නේ එංගලන්තය සහ බංග්ලාදේශයයි.

දෙරට අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7. 30ට සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රටේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයම ආවරණය වන නාලිකාවකට හිමිකම් කියන MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාව ඔස්සේ සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ සියලු තරග ඔබට නැරඹිය හැකියි.