ICC දූෂණ විරෝධී ඒකකයේ සභාපති ධූරයට ලාංකිකයෙක්

ICC දූෂණ විරෝධී ඒකකයේ සභාපති ධූරය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධනට

by Staff writer 31-10-2024 | 5:55 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී ඒකකයේ නව ස්වාධීන සභාපති ලෙස පත් කර තිබේ.

නොවැම්බර් (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ සඳහන් ය.

අදාළ තනතුරෙහි වසර 14ක් කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් එම තනතුරෙන් විශ්‍රාම ගැනීම නිසා සුමති ධර්මවර්ධන මහතා එම තනතුර සඳහා පත් කර තිබේ.

සුමති ධර්මවර්ධන මහතා , ජනාධිපති නීතීඥවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතුවලදී ශ්‍රී ලංකා රජය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශය ද නියෝජනය කර ඇති අයෙකි.