රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු වන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් පාසල් පැවැත්වීමේ දින ගණන අඩුවීමට හේතුවී තිබේ.
ඒ අනුව ජනවාරි 02 වැනදා එනම් තව දින තුනකින් ආරම්භ වන්නේ 2024 අධ්‍යන වර්ෂයේ තුන්වන වාරයයි.
පළමු සති 03 තුළ, එනම් ජනවාරි 24 වනදා, දක්වා එම පාසල් වාරය ක්‍රියාත්මක වේ.
ඉන් අනතුරුව ජනවාරි 27 වන දින සිට ආරම්භ වන්නේ 2025 වසර සඳහා වන පාසල් වර්ෂයයි.
එමෙන්ම ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26ක් ඇති අතර, ඉන් සති අන්තයේ යෙදී තිබෙන්නේ දින 4ක් පමණයි.
අනෙක් සියලු දින සතියේ දිනවලට යෙදී ඇති බැවින් මෙලෙස පාසල් පැවැත්වීමේ දින ගණන 181ක් දක්වා සීමා වී තිබේ.