ඒ ජනාධිපති කාර්යාලයේ අද(30) පැවති සාකච්ඡාවකදියි.
"Clean Sri Lanka" වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව ද එහිදි සාකච්ඡා කළ බවයි.
පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙන්ම මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් එහිදී අවධානය යොමුව ඇත.