by Staff writer 02-08-2024 | 10:39 AM
COLOMBO ( News 1st ) - තුර්කිය සහ පකිස්ථානය අද ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ පෙරේදා ඝාතනය කෙරුණු හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ වෙනුවෙන් ය.
ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වීමට ටෙහෙරාන් අගනුවරට පැමිණ සිටි හානියේ පෙරේදා අලුයම ඝාතනය කළේ ය.
ඊයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ ප්‍රධානත්වයෙන් පැවැති අවමංග්‍ය උත්සවයෙන් අනතුරුව ඔහුගේ දේහය කටාර් රාජ්‍ය වෙත රැගෙන යාමට නියමිතයි.
අද කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී හමාස් නායකයාගේ අවසන් කටයුතු සිදුකෙරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉස්මයිල් හනියේ ඇතුළු පිරිසක් කටාර් රාජ්‍යයේ සිට හමාස් සංවිධානයේ දේශපාලන කටයුතු මෙහෙය විය.