COLOMBO (News1st) - සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) තුන්වැනි දිනටත් ලෝඩ්ස්හිදී පැවැත්වේ.
එංගලන්ත පළමු ඉනිමට රැස් කළ ලකුණූ 427ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 196ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු කමිදු මෙන්ඩිස් ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.
ඊයේ (30) දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණූ සංඛ්‍යාව 25ක්.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා එංගලන්තය ලකුණු 256 ක් ඉදිරියෙන් සිටී.