ජනපතිට සහය පළ කරන්න නව සන්ධානයක්..

ජනපති රනිල්ට සහය පළ කරමින් අගමැති ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් අද ඇරඹේ..

by Staff writer 05-09-2024 | 9:17 AM

COLOMBO (News 1st) - ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද (05) තවත් දේශපාලන සන්ධානයක් ආරම්භ වේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපතිත්වය දරනු ඇති.

නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණයි.