මියන්මාරයේ සිරවී සිටි ලාංකිකයින් 15ක් මුදාගැනේ..

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ..

by Staff writer 17-03-2025 | 1:58 PM

COLOMBO (News 1st) -

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන තිබේ.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, ඔවුන් මේ වන විට තායිලන්තය - මියන්මාර දේශසීමා මිත්‍රත්ව පාලම වෙත රැගෙන විත් ඇති බවයි.

සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිට මුදාගත් ලාංකිකයින් මියන්මාර හමදා කඳවුරුවල රඳවා සිටියේ ය.

ඒ අනුව මුදා ගැනීමට නියමිත සෙසු ලාංකිකයින් සංඛ්‍යාව 4 කි.