ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍යවරු...

ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

by Haindu Gihan 28-03-2025 | 7:20 AM

COLOMBO ( News 1st ) -  ග්‍රාමීය රෝහල්වලටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන්නේ මූලික රෝහල් හෝ ඊට ඉහළ ශ්‍රේණිවල රෝහල්වල පමණක් බවයි.

මේ හේතුවෙන් ගම්බද ප්‍රදේශවල  ජනතාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව නොමිලේ ලබා ගැනීම දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දෙන්නේය.

වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් 6ක මෙම ව්‍යපෘතිය ලබන මාසයේදි ආරම්භ කරන බවයි.