.webp)
මෙලෙස ඉවත් වූයේ දිලිප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ය.
2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ඉවත්කර ගැනීම සඳහා නීතිපතිවරයා විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබෙන්නේ අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් විසින් ය.
පෙත්සම අද කැඳවනු ලැබුවේ දිලිප් නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.
එහිදී පෞද්ගලික හේතුන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දිලිප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් දැනුම් දුන්නේය.
ඒ අනුව කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සැප්තැම්බර් මස 15 වැනිදා කැඳවීමට නියමිතයි.