විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට..

විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට..

by Haindu Gihan 28-03-2025 | 7:14 AM

COLOMBO ( News 1st ) - විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ලබන මස 10 වැනිදා ඔවුන්ට පත්වීම් ලබා දෙනු ඇති.

මේ යටතේ  6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතයි.

ඔවුන් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පවතින පාසල් වෙත අනියුක්ත කරන බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.