දරුවෙකු ඝාතනයට චෝදනා මත 11ක් අත්අඩංගුවට

කුරුණෑගලදී 16 හැවිරිදි දරුවෙක්ට පහර දී ඝාතනය කිරිම සම්බන්ධයෙන් පිරිමි ළමයින් 11ක් අත්අඩංගුවට

by Chathurika Jayasundara 23-04-2025 | 12:20 PM

COLOMBO (News 1st) -  කුරුණෑගල, වෙලගෙදර, හැවන්පොලදී 16 හැවිරිදි පිරිමි ළමයෙකුට පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් පිරිමි ළමයින් 11ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවැවසුවේ පෞද්ගලික ආරවුලක් මත ඉකුත් 16 වැනිදා අදාළ සිසුවාට සැකකරුවන් අතින් පයින් හා ආරක්ෂිත හිස් වැසුමකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ මිය ගොස් තිබේ.

එලෙස මියගියේ හැවන්පොල, සැකරලියා වත්ත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි..

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මගින් කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 11ක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් ඇරෑපොල කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.