අදින් ඇරඹෙන පළාත් පාලන තැපැල් ඡන්දය..

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද ඇරඹේ...

by Staff writer 24-04-2025 | 6:26 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වේ.

අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතී.

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන්  විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබේ.

ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතයි.