ඩෑන් ඝාතනය:3ක් පොලිස් භාරයට

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් පොලිස් භාරයට...

by Staff writer 23-04-2025 | 7:58 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනයට කණ්ඩායම් 04ක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියාසද් මහතා බරපතළ තුවාල ලබා ඊයේ (22) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

පොලීසිය පැවසුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගිය බවයි.

39 හැවිරිදි ඩෑන් ප්‍රියසාද් මහතා වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇති බවයි.