සිරි දළදා වන්දනාව හත්වැනි දිනටත් මහනුවරදී...

සැදැහැවතුන්ගේ වන්දනාව පිණිස, සිරි දළදා වන්දනාව අද හත්වැනි දිනටත් මහනුවරදී...

by Staff writer 24-04-2025 | 6:05 AM

COLOMBO (News 1st) - ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (24) 7 වැනි දිනටත් පැවැත්වේ.

පෙරවරු 11.00ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් සිරි දළදා වන්දනාව වෙනුවෙන් අද (24) සහ හෙට (25) දිනවල මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ, ලක්ෂ 3 කට අධික සැදැහැවතුන් පිරිසක් එහි පැමිණීම හේතුවෙන්.

අද සහ හෙට දිනයන්හීදී සිරි දළදා වන්දනාව සඳහා එම පිරිස ප්‍රමාණවත් බව පොලිසිය සැදැහැවතුන්ට දැනුම් දෙයි.

මේ අතර, සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව, සෞඛ්‍ය අංශ යළි දැනුම් දෙයි.

පෝළිමේ සිටින විට කළබලයට පත්‍ වීමෙන් තෙරපීම් සිදු විය හැකි බැවින් සැදැහැවතුන් ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

හදිසි රෝගී තත්ත්වයක් පවතී නම් කඩිනමින් සෞඛ්‍ය අංශ සහය ලබාගැනීම, නිරන්තරයෙන්ම ජලය පානය කිරීම සුදුසු බව සෞඛ්‍ය අංශ පවයි.