.webp)
පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත කළ වැටලීමකදී එම පතරොම් සොයා ගත් බවයි.
මිලි මීටර් 9 වර්ගයේ පතොරොම් 05ක්, ටී 56 පතරොම් 25ක්, ටී 56 පුහුණු පතරොම් 03ක්, එම් 16 වර්ගයේ පතරොමක්, කුඩා ප්‍රමාණයේ පතරොමක් හා පතරොම් ගැබ් රඳවන 04ක් එහි තිබී සොයා ගැනිණි.
මීට අමතරව ජීව අත්බෝම්බයක්, යුධ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් හා බෙල්ඩ් ඕඩර් 03ක් ද පොලිස් භාරයට ගත් බව පොලීසිය පැවසුවේ ය.
නිවසේ සිටි 60 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹගල්ල, පහළ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි