පස් කන්දක් කඩා වැටිමෙන් පස්සරදී පුද්ගලයෙකු මරුට...

පස් කන්දක් කඩා වැටිමෙන් පස්සරදී පුද්ගලයෙකු මරුට...

by Staff writer 15-10-2025 | 8:55 AM

COLOMBO (News1st) - පස්සර ආගර තැන්න ප්‍රදේශයේදි පතලක පස් කන්දක් කාඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.

අද(15) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණය ක්‍රියාත්මකයි

මේ අතර දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ කිහිපයකට පැනවූ නායයෑම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර  දිස්ත්‍රික්ක වල ප්‍රෙද්ශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.