අධිකරණට ව්‍යාජ ගිනිඅවියක් ගෙන ආ කාන්තාවක් රිමාන්ඩ්

අධිකරණට ව්‍යාජ ගිනි අවියක් රැගෙන ආ කාන්තාවක් රිමාන්ඩ්

by Staff writer 28-10-2025 | 8:04 PM

COLOMBO(News1st) - අවිස්සාවේල්ල අධිකරණ පරිශ්‍රයට ව්‍යාජ ගිනි අවියක් රැගෙන ආ කාන්තාව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ සැකකාරිය අද(28) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ(27) පස්වරුවේ, අධිකරණ පරිශ්‍රයට පැමිනෙණ පුද්ගලයින් පරික්ෂා කරන අවස්ථාවේදී අදාල කාන්තාවගේ අත්බෑගයේ තිබී ව්‍යාජ ගිනි අවිය සොයා ගෙන තිබේ.

නැගෙනහිර නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව රථ වාහන නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණ ඇති බව පොලීසිය සදහන් කළේය.