.webp)
-602548-602609.jpg)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලසන්ත වික්‍රමසේකර මහතාට රිවොල්වරයකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
ඝාතනය රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇතැයි අනාවරණවී ඇති බව පොලිසිය පවසයි.
ඒ, පෙරේදා පස්වරුවේ මහරගම, නාවින්නේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි හෙලිවූ කරුණු මතයි.
මේ අතර, අදාළ වෙඩික්කරු, ඔහුගේ බිරිඳ, යතුරු පැදියේ පැදිකරු සහ ඔවුන්ට නවාතැන් ලබා දුන් පුද්ගලයෙකු පැය 72 ක් රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය පැවසුවේය.
පොලීසිය සඳහන් කළේ ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් තුන්දෙනා පැය 48 ක් රඳවා ප්‍රශ්න කරන බවයි.
වැලිගම ප්‍රාදේශී සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල, කැකිරාව සහ වැලිගම ප්‍රදේශවලින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 07ක්.
