.webp)

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.
ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව එහි සඳහන් වනවා.
ඊට අමතරව නියමිත දින සිට දින 90 ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට යටත්විය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.
