.webp)

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 5 කින් ය.
එහි නව මිල, රුපියල් 294 කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල, රුපියල් 5 කින් ඉහළ දමා තිබේ.
ඒ අනූව එහි නව මිල දැක්වෙන්නේ, රුපියල් 318 ක් ලෙසයි.
සෙසු ඉන්ධන වර්ග වල මිල සංශෝධනය කර නැහැ.
මාසික ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරමින්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඒ බව නිවේදනය කළේ ය.
