සිලි සිලි බෑග් නොමිලේ ලබාදීම අද සිට තහනම්

සිලි සිලි බෑග් වෙළෙඳසැල් වලින් නොමිලේ ලබාදීම අද සිට තහනම්..

by Staff writer 01-11-2025 | 8:44 AM

COLOMBO (News 1st) - වෙළෙඳසැල් වලින්, පාරිභෝගිකයින් සඳහා අද සිට සිලි සිලි බෑග් නොමිලේ ලබාදීම, තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි සභාපති තිලක් හේවාවසම් මහතා පැවසුවේ යම් පාරිභෝගිකයෙකු සිලි සිලි බෑගයක් ලබාගන්නේ නම්, ඒ වෙනුවෙන් අමතර මුදලක් අය කරන බවය.

සිලි සිලි බෑග් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා මේ පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කරන ලදි.