.webp)
-604514.jpg)
COLOMBO (News 1st) - සුප්‍රකට ඉන්දීය චිත්‍රපට නළු ධර්මේන්ද්‍ර සින්ග් දියොල් අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ ඉන්දියාවේ මුම්බායි හි ඔහුගේ නිවසේදීය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.
ඔහුගේ අවසන් කටයුතු මුම්බායි හි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය.
දශක හයකට වැඩි කාලයක් ඉන්දීය සිනමාවේ මතකයක් වූ ඔහු "සීතා ඔර් ගීතා" , "ආයේ මිලාන් කි බේලා" "යාදෝන් කි බාරත් " ආදි නිර්මාණ බොහෝමයක සිය රංගන හැකියාවන් ප්‍රදර්ශණය කළේ ය.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් වැනි සුප්‍රකට නළුවන්ද පැමිණ ඇතැයි සඳහන් වේ.
