.webp)
-605180.jpg)
COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාව විසින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නිලධාරීන් 4 දෙනෙකුට මූල්‍ය සහ සංචාරක සම්බාධක පනවා තිබේ.
තලේබාන් අමාත්‍යවරුන් 3 දෙනෙකෙු සහ තලෙයිබාන් අගවිනිසුරුවරයාට එරෙහිව එලෙස සම්බාධක පවනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සම්බාධක සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ තලෙයිබාන්වරු විසින් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට සිදු කරන නොයෙකුත් ක්‍රියාකාරකම් බව සඳහන් වේ.
ඒ අනුව ඔවුන්ට ඕස්ට්‍රේලියාව තුළ මුදල් ගනුදෙනු කිරීම සහ ඕස්ට්‍රේලියාවට සංචාරය කිරීම තහනම් වනු ඇත.
