පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය..

පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය..

by Staff writer 06-12-2025 | 8:46 AM

COLOMBO (News 1st) - ජන්ම පුරවැසිභාවය අහෝසි කිරීමේ ට්‍රම්ප්ගේ විධායක නියෝගයට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය යටතේය.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ම පුරවැසිභාවය අහෝසි කිරීමේ විධායක නියෝගයකට පසුගිය දා අත්සන් කරන ලදි.

එම විධායක නියෝගය මගින් නීතිවිරෝධී ලෙස අමෙරිකාවේ සිටින හෝ තාවකාලික වීසා මත රට තුළ සිටින පුද්ගලයින්ට උපදින දරුවන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ශේප කිරිමය.

මේ වන විටත් අමෙරිකානු ‍පහළ අධිකරණය කිහිප වතාවක් එම විධායක නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට ප්‍රකාශ කරන ලදි.

කෙසේ වෙතත් එම පෙත්සම විභාග කිරීම සඳහා දිනයක් නියම කර නොමැත.