පාකිස්ථාන-ඇෆ්ගනිස්ථාන දේශ සීමා අතර වෙඩි හුවමාරුවක්

පාකිස්ථාන - ඇෆ්ගනිස්ථාන දේශ සීමා අතර වෙඩි හුවමාරුවක්...

by Staff writer 06-12-2025 | 10:02 AM

COLOMBO (News 1st) - පාකිස්ථාන - ඇෆ්ගනිස්ථාන අතර දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

චමන් දේශසීමා හරස් මාර්ගය ආසන්නයේදී එම වෙඩි හුවමාරුව සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඇෆ්ගන් තලේබාන්වරු  ‍පළමුව වෙඩි තැබීම ආරම්භ කළ බවට පාකිස්ථානය චෝදනා කරන අතර ඇෆ්ගනිස්ථානය එය ප්‍රතික්ශේප කර ඇත.

කෙසේ වෙතත් වෙඩි හුවමාරුවේ කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නැත.