.webp)
-605797.jpg)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චංග් (Julie Chung) මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාය ගෝමික උඩුගමසූරිය මහතා අතර හමුවක් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්‌යාලයේදී පසුගියදා සිදු විය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩ නැගීම පිළිබඳවත්, ශ්‍රී ලංකාව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ' ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය ' පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙම කටයුතු වලදී දෙරටට ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු විය.
තවද, ශ්‍රී ලංකාවට අමෙරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීම උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී ඇත.
එසේම ' ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය " යටතේ උසස් අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, කෘතීම බුද්ධිය (Al) සහ ඩිජිටල්කරණය (digitalization) වැනි නවීන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩි දියුණු කරගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී සොයා බලා ඇත.
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මගින් අමෙරිකානු වෙළඳපොළට පිවිසීමට නව දොරටු විවෘත කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් අමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය දෙරට අතර තාක්ෂණික සහ විද්‍යාත්මක සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සහාය ලබා දෙන බව ද ප්‍රකාශ කරන ලදි.
