ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය භාවිත කරමින් ඉතාලියේ රථවාහන ධාවනය සඳහා යළිත් ශ්‍රී ලාංකිකයින්ට අවසර

by Staff writer 13-12-2025 | 11:00 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය භාවිත කරමින් ඉතාලියේ රථවාහන ධාවනය සඳහා යළිත් ශ්‍රී ලාංකිකයින්ට අවසර හිමිව  තිබේ.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොද්‍රිගෝ සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපෝදි ඊට අදාළ ගිවිසුමට ඊයේ(12) අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසනු ලැබුවේ ය.

මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011දී අත්සන් කරනු ලැබූ අතර එය 2021දී කල් ඉකුත් වනු ලැබුවේය.

ඒ අනුව ඉදිරි වසර 5ක කාලයක් සඳහා ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය තුළදීද ඉතාලි වැසියන්ට ශ්‍රී ලංකාව තුළදීද න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය වීමෙන් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය භාවිත කිරීමට පහසුකම් සැලසෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසනු ලැබුවේ ඊයේ(12) අත්සන් කෙරුණු එම ගිවිසුම දින 60ක කාල සීමාවක් තුළදී බලාත්මක වනු ඇති බව වේ.