රත්‍රන් තොගයක් රැගෙනා කාන්තාවක් කටුනායකදී කොටුවෙයි

නීති විරෝධීව රත්‍රන් තොගයක් රැගෙන ආ ගුවන් සේවිකාවක් කටුනායක දී අත්අඩංගුවට..

by Staff writer 04-01-2026 | 2:33 PM

COLOMBO (News 1st) - රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් සේවිකාවකි.

ඇය අද අලුයම 12.00 ට ඇය 8.D.- 822 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඇය රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 163 ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන පැමිණ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.