පොලිස් නිලධාරීන් 500 කට විනය පියවර

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500 කට පමණ එරෙහිව විනය පියවර - පොලිස්පති

by Staff writer 05-01-2026 | 10:04 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් 500 කට පමණ එරෙහිව විනය පියවර ගෙන ඇතැයි පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.

ඔවුන් අතරින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමටද කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා පැවසුවේ ය.

අනුරාධපුර, පහලගම, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැති ආධුනික පොලිස් නිළධාරීන්ගේ විසිර යාමේ උත්සවයකට එක්වෙමින් ඊයේ පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේ ය.