ජොන්ස්ටන් සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට

ජොන්ස්ටන් සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට

by Staff writer 05-01-2026 | 1:02 PM

COLOMBO(News1st) - හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව අද උදෑසන එහි පැමිණි අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.

එම විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය, දැන දැනම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා එතනෝල් බලපත්‍රයක් ලබා ගැනීම, රජයට බදු මුදල් වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේයී.

මේ අතර, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වූ ඉන්දික රත්නමලල ද පෙරේදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.

කොළඹ අමරසේකර මාවතේ ලිපිනයක පවත්වාගෙන ගිය සමාගමක් පිළිබඳව 2015 නොවැම්බර් මාසයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණ නිර්නාමික පැමිණිල්ලක් මත, අදාළ විමර්ශනය ක්‍රියාත්මක වේ.