ප්‍රදේශ දෙකකින් සැකකටයුතු මරණ දෙකක්

රක්වාන සහ මොණරාගල ප්‍රදේශ වලින් සැකකටයුතු මරණ දෙකක්..

by Chathurika Jayasundara 04-01-2026 | 9:10 AM

COLOMBO (News 1st) - රක්වාන කොලින්ස් පාරේ තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව එය සොයාගත් බවය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත.

මේ අතර, මොණරාගල හුලංදාව ප්‍රදේශයේදී ද, පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් තිබේ.

ඔහු යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඇද වැටී ඔහු මියගොස් තිබුණි.

මරණයට හේතුව, මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති බව, පොලීසිය පවසයි.