සීෂෙල්ස් මුහුදේදී අත්අඩංගුවට ගත් ලාංකික ධීවරයින්?

සීෂෙල්ස් මුහුදේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා..- ධීවර අමාත්‍යාංශය

by Staff writer 04-01-2026 | 9:00 AM

COLOMBO (News 1st) - සීෂෙල්ස් මුහුදේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බව, ධීවර අමාත්‍යංශය පවසයි.

"ඊශානි දුව " නමැති අදාළ බහුදින ධීවර යාත්‍රාව වෙන්නප්පුව ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ, පසුගිය දෙසැම්බර් 7 වැනිදාය.

මුහුදු සීමා උල්ලංඝණය කිරීම මත සීෂේල්ස් ආරක්ෂක අංශ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් අනතුරුව ධීවර යාත්‍රාව ගිනි තබා විනාශ කර ඇතැයි මාරවිල තල්විල පදිංචි එහි හිමිකරු සුසිල් ප්‍රනාන්දු පවසයි.