අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්!

අනිද්දා (08) සිට 10 වැනිදා දක්වා උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාතෙත්, මධ්‍යම කඳුකරයේ ඇතැම් ස්ථාන වලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි! - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 06-01-2026 | 6:00 AM

COLOMBO (News 1st) - ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කලේ ඒ හේතුවෙන් අනිද්දා  සිට 10 වැනිදා දක්වා උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාතෙත්, මධ්‍යම කඳුකරයේ ඇතැම් ස්ථාන වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බවය.

ඒ හේතුවෙන් උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.