නුවරඑළිය, ග්‍රෙගරි වැවේ Sea Plane අනතුරක්

නුවරඑළිය, ග්‍රෙගරි වැවේ Sea Plane අනතුරක්

by Staff writer 07-01-2026 | 2:50 PM

COLOMBO(News1st) - සී ප්ලේන් වර්ගයේ ගුවන් යානයක් ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී අනතුරට ලක්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් නියමුවන් දෙදෙනෙකු තුවාල ලබා නුවර එළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

අද දහවල් 12.30 ට පමණ අනතුර සිදුව තිබේ.