.webp)

COLOMBO (News 1st) - කරන්දෙණියේදී 32 හැවිරිදි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
කරන්දෙණිය, ඉහළ කිරිපේද්ද ප්රදේශය 32හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.
අදාළ පුද්ගලයා නිවසේ සිටියදී ලද දුරකතන ඇමතුමක් අනුව මිතුරෙකු හමුවීමට යන බවට ඥාතීන්ට පවසා පිටව ගොස් ඇති බව පොලීසිය පැවසුවේ ය.
ඒ අනුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර සිටි එම පුද්ගලයාගේ මල සිරුර ප්රදේශවාසීන්ට හමුව ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හෝ ඊට හේතුව මෙතක් අනාවරණය වී නැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
